Thursday, November 30, 2023

General line - 0115112241

අත්‍යවශ්‍ය භාණ්ඩ 05 ක මිල සතියකට පහළට




අත්‍යවශ්‍ය භාණ්ඩ 05 ක මිල අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ආනයනික ලොකු ළුෑණු කිලෝවක මිල රුපියල් 25 කින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ආනයනික ලොකු ළුෑණු කිලෝවක නව මිල රුපියල් 150 ක්. සුදුසීනි මිල ද රුපියල් 07 කින් අඩුකර ඇති අතර සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 278 ක් වනවා. 

ආනයනික සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 6 කින් අඩු කර තිබෙනවා. එම සහල් කිලෝවක නව මිල රුපියල් 179 ක්. රුපියල් 9 කින් මිල අඩුකර ඇති ආනයනික නාඩු සහල් කිලෝවක් දැන් අලෙවි කරන්නේ රුපියල් 185 කටයි. ආනයනික රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 14 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 415 ක්. මෙම මිල සහනය ක්‍රියාත්මක වන්නේ සැප්තැම්බර් 30 වනදා දක්වා පමණයි.