Wednesday, May 8, 2024

General line - 0115112241

කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර සාම්ප්‍රදායික චාරිත්‍ර විධි ජනපති සහභාගීත්වයෙන්




කොල්ලුපිටියේ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ සාම්ප්‍රදායික චාරිත්‍ර විධි පැවැත්වීම සහ මියන්මාරයේ සිට වැඩම කරවන ලද පද්මාකාර කිරිගරුඬ චෛත්‍යරාජයාණන් වහන්සේට පුෂ්පෝපහාර දැක්වීම ඊයේ (23) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව කිරිගරුඬ චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත පුෂ්පෝපහාර දැක්වීය.

59 වන වරටත් පැවැත්වෙන වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පාවඩ පෙරහර ආරම්භ කරමින් ධාතු මන්දිරයේ සධාතුක කරඬුව තැන්පත් කිරීම අනතුරුව ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

කොල්ලුපිටියේ වාලුකාරාම මහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති, ‍කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද නායක හිමිපාණන් වහන්සේ සහ වාලුකාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය උඩවෙල කෝලිත ස්වාමින් වහන්සේ මෙහිදි සඳුන් දැවයෙන් නිර්මිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.