Tuesday, May 7, 2024

General line - 0115112241

විහාරස්ථානවල විදුලිබිල වැඩිවුවත් භික්ෂූන් වහන්සේට ගෙවිය හැකි බවට ප්‍රකාශයක්




විදුලිබිල ඉහළ දැමීම හමුවේ විහාරස්ථානවල වැඩිවන විදුලිබිල ගැටළුවකින් තොරව ගෙවා ගත හැකි බව පානදුර කෙසෙල්වත්ත, ගංගාතිලක පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය සියඹලාගොඩ ජිනරතන හිමියන් පවසනවා.

විහාරස්ථාන තුළ මුදල් පවතින බවට මීට පෙර ස්වාමීන් වහන්සේලා විසින්ම ප්‍රකාශ කර ඇති බැවින් විදුලිබිල ඉහළ ගොස් ඇති පසුබිමක එම විදුලිබිල් ගෙවා ගැනීමට ද එම ස්වාමීන් වහන්සේලාට හැකියාව තිබිය යුතු බවයි පූජ්‍ය සියඹලාගොඩ ජිනරතන හිමියන් සඳහන් කළේ. 

විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඇතැම් ස්වාමීන් වහන්සේලා සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් ද පානදුර කෙසෙල්වත්ත, ගංගාතිලක පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය සියඹලාගොඩ ජිනරතන හිමියන් මෙලෙස අදහස් පළ කළා.