Tuesday, May 7, 2024

General line - 0115112241

හැටන් රක්ෂිතයක ගින්නකින් අක්කර 10 කට හානි

රංජිත් රාජපක්ෂ 




හැටන් කොටගල මේෆිල්ඩ් වතුයායට අයත් රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර 10 ක පමණ භුමි ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව වතු පාලන අධිකාරිය පවසනවා.

රක්ෂිතයේ හැටන් රුවන්පුර ප්‍රදේශයේ පිහිටි කොටසකින් ගින්න හටගෙන ඇති අතර පවතින වියළි කාලගුණයත් සමග ගින්න සීග්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පැතිර යමින් තිබු ගින්න එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක් එක්ව පාලනය කර තිබෙනවා. කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි සැකකෙරෙන්නේ.