Tuesday, May 21, 2024

General line - 0115112241

ත්‍රිපෝෂ නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි




සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්ලයාල වෙත ත්‍රිපෝෂ බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට ත්‍රිපෝෂ සමාගම තීරණය කර තිබෙනවා.

ත්‍රිපෝෂවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේවනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බැවින් එය අවසන් වන තුරු ත්‍රිපෝෂ බෙදාහැරීම තාවකාලිකව අත්හිටවූ බවයි ත්‍රීපෝෂ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ. කෙසේවෙතත් අමුද්‍රව්‍ය තොග පැවතීම හේතුවෙන් 

ත්‍රීපෝෂ නිෂ්පාදනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත කියාසිටියා.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරන මෙම පරීක්ෂණයෙන් අනතුරුව ත්‍රිපෝෂ බෙදාහැරීම යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත බෙදාහරින ත්‍රිපෝෂ තොග සමග එහි අඩංගු ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඇතුළත් වාර්තාවක් ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත යොමු කරන බවයි ත්‍රී පෝෂ සමාගම වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර දැඩි කතාබහට ලක්ව ඇති ත්‍රිපෝෂ ගැටළුව සහ මෙරට බඩඉරිගු ගොවීන් මුහුණපා සිටින ගැටළු පිළිබද ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව ප්‍රචාරය කෙරෙන නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරනවා.