Monday, May 20, 2024

General line - 0115112241

ජපාන සහ පිලිපීන සංචාරයට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

ටී කේ ජී කපිල




ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපතිවරයා සමග 15 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එම සංචාරය සදහා එක්ව සිටි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබෙනවා. එතැන් සිට එම පිරිස ටෝකියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිත බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු සදහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙවන නිල සංචාරය මෙයයි. 

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමෙන් පසු ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීම සදහා එළඹෙන 28 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.