Tuesday, May 21, 2024

General line - 0115112241

ගැඹුරු ලිඳකට ඇද වැටුණු වන අලියා 

කාංචන කුමාර ආරියදාස




දඹුල්ල, පැල්වෙහෙර සේරුගස් යාය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබුණු ගැඹුරු ළිඳකට 26 අලුයම වන අලියකු ඇදවැටී ඇතැයි ප්‍රදේශවාසින් සීගිරිය වනජීවි නිලධාරීන් වෙත දන්වා තිබේ.

සේරුගස් යාය ප්‍රදේශයේ නිවසක නිදාගෙන සිටි අයකුට එක වැරම විශාල ශබ්දයක් ඇසී සෝදිසි කිරීමේදී මෙම අලියා උදේ 5.50 ට පමණ ළිඳට වැටුණු බව නිවෙස් හිමියා කියයි.

අලියා ඇද වැටී ඇති ළිඳ අඩි  45 ක් පමණ ගැඹුරකින් යුක්ත එකක් වේ.

රාත්‍රියේ ආහාර සොයා ගම් වැදුණු වන අලි රංචුවක එක් අලියකු මේ ආකාරයෙන් ළිඳට වැටී තිබෙන අතර ලිඳ  අඩි 45 ක් පමණ ගැඹුරු වුවද එහි ඉඩකඩ ඉතා අවම නිසා එම අලියා දැඩි අපහසුවෙන් රැඳී  සිටින බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

ගම්වැසියන් කුඩා දරුවන් සමග ගැඹුරු ළිං  පතුලේ සිරවී සිටින වන අලියා දැක ගැනීම සඳහා පැමිණෙමින් සිටින අතර මේ හේතුවෙන් එම පිරිස පාලනය කර ගැනීමට ද ප්‍රදේශවාසින් දැඩි උත්සාහයක නිරත වීමට සිදුව ඇත.

සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයටට පැමිණ ඇති අතර අඩි 45 ක් ගැඹුරු ඉතා කුඩා ළිඳක වැටී සිටින මෙම අලියා ගොඩ ගැනීම සඳහා දැඩි අසීරු කාර්යයක් සිදු කිරීමට සිදුවන බවත් දිවා කාලයේ ගොඩගැනීමට අපහසුතා පවතින බවද ඔවුන් සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් බැකෝ යන්ත්‍ර උපයෝගී කරගෙන මෙම වන අලියා ගොඩගැනීමට වනජීවී නිලධාරීන්ගේ මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.