Monday, May 20, 2024

General line - 0115112241

රටේ ආරක්‍ෂක තත්ත්වය පිළිබද දැනුම්දීම සදහා විශේෂ මාධ්‍ය හමුවක්




රට තුළ පවතින ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්විම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මේ වනවිට මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා. ඒ, වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන්.

අධි ආරක්‍ෂිත කලාප ස්ථාපිත කිරීම, විවිධ ස්ථානවල පැවැත්වෙන විරෝධතා සහ උද්ඝෝෂණ ඇතුළු ආරක්‍ෂාවට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී කරුණු පැහැදිලි කෙරෙනවා.

ඒ පිළිබද වැඩිදුර තොරතුරු දහවල් 12 නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.