Tuesday, May 14, 2024

General line - 0115112241

මන්ත්‍රී ජී.එල්.පිරිස් සහ කුමාර වෙල්ගම අතර හමුවක්




ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි එල් පීරිස් සහ නව ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඒ, කොළඹ පිහිටි මහාචාර්ය ජී එල් පීරිස්ගේ නිවසේදීයි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසුවේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් වූ බවයි.