Tuesday, May 14, 2024

General line - 0115112241

රට තුළ කැළඹිලි සහගත තත්ත්වයක් ඇති කිරීමේ උත්සාහයක් ඇති බවට රජයෙන් ප්‍රකාශයක්




රට තුළ කැළඹිලි සහගත තත්ත්වයක් ඇති කිරීමට සීමිත පිරිසක් කටයුතු කරමින් සිටින බව වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

රටේ පවතින ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්විම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

කිසියම් විරෝධතාවක් හෝ උද්ඝෝෂණයක් පැවැත්වීම සදහා පැය 6 කට පෙර පොලීසියෙන් අවසර ලබාගත යුතු බවද එහිදී ප්‍රකාශ කෙරුණා.

වර්තමානයේ විරෝධතා පැන නැගෙන්නේ ගමෙන් හෝ ගොවි බිමෙන් නොවන බවත් සාමාන්‍ය ජනතාව පෙර පරිදි උද්ඝෝෂණ සදහා කැදවීම පහසු නොවන බවත් වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එහිදී වැඩිදුරටත් සදහන් කළා.

ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න ද එහිදී අදහස් පළ කළා.