Tuesday, May 14, 2024

General line - 0115112241

ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහි නඩුවක් ජනවාරි 9 තෙක් කල් යයි




රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශන කටයුතුවල බාධා කිරීමට අදාළව ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් හතර දෙනකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 9 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

ඒ, එම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. එහිදී කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් දෙදෙනකුගේ ජංගම දුරකථන සිය භාරයට ගෙන ඒවා ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට යොමු කර පරීක්ෂණ සිදු කිරීම සඳහා අවසර දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමකට ද  මහේස්ත්‍රාත්වරයා එහිදී අවසර ලබාදුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සදහන් කළේ.