Wednesday, May 15, 2024

General line - 0115112241

ශ්‍රිලනිපයට සම්බන්ධ කණ්ඩායම් තුනක් ස්ථාන තුනකදී බණ්ඩාරනායක ගුණ සමරයි




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවන්ගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ හැටතුන්වන ගුණානුස්මරණය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සැමරුම් වැඩසටහන් කිහිපයක් ස්ථාන කිහිපයකදී අද පැවැත්වුණා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම එක් සැමරුම් වැඩසටහනක් පැවැත්වුණේ හොරගොල්ල බන්ඩාරනායක සමාධිය අසලදීයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් සැමරුම් උත්සවයක් කොළඹදී පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී තවත් සැමරුම් උත්සවයක් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.