Tuesday, May 14, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ඉපැයූ මුදල් යොදවා ඉදිකළ නිවසක් ගැන CID විමර්ශන

බිමල් ශ්‍යාමන්




මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සලිදු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ මුදල් වලින් ඉදිකරන ලද බව කියන සුඛෝපභෝගී නිවසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොල්ගස්ඕවිට පාසල් මාවතේ ඉදිකර ඇති මෙම නිවසේ වටිනාකම කෝටිතුනක් පමණ වන බවයි අනාවරණ වී ඇත්තේ. අදාළ නිවසේ පදිංචිව සිටි සලිදු නැමැත්තාගේ සමීපතමයෙකුගේ බිරිද බව කියන කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

පසුගිය ජනවාරි මාසයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් කැස්බෑව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ නිවස සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.