Tuesday, May 21, 2024

General line - 0115112241

ප්‍රචණ්ඩත්වයට යලි ඉඩ නොදෙන බව වැඩබලන ආරක්ෂක ඇමති කියයි




ජනාධිපතිවරයා විසින් අධි ආරක්ෂක කලාප ස්ථාපිත කළේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් යුතුව බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.    

මහජන දේපළ හා ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් උපරිම අයුරින් නීතිය ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියාකරන බවද වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එහිදී සදහන් කළා. 

පසුගිය මැයි නවවනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී මැතිඇමතිවරුන්ගේ නිවාසවලට එල්ල වූ ප්‍රහාර වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රධානීන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළා. මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ඊට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.