Tuesday, May 21, 2024

General line - 0115112241

හිටපු ජනපති මෛත්‍රිගේ බලාපොරොත්තුව




වමේ දේශපාලන පක්ෂ ඒකරාශී කරගත් සන්ධානයක් ගොඩනගා ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවන්ගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ හැටතුන්වන ගුණානුස්මරණය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අද පැවති සැමරුම් වැඩසටහනට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව කියාසිටියා.  

මේ අතර හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදීද සැමරුම් උත්සවයක් සංවිධාන කර තිබුණා. ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ද එම අවස්ථාවට එක්ව සිටියා. සැමරුම් උත්සවයෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසින්. 

මේ අතර රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී තවත් සැමරුම් උත්සවයක් පැවැත්වුණා.