Wednesday, May 15, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි




මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැහෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත්  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැක බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇත‘විය හැකියි. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 45 ත් 55 ත් දක්වා වැඩිවිය හැක බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.