Tuesday, May 14, 2024

General line - 0115112241

අද විදුලි කප්පාදුව පැය 03ක් දක්වා දීර්ඝ කෙරේ 




අද දිනයේදී පමණක් විදුලි කප්පාදුව පැය 03 ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කර සිටිනවා.  ඔහු මේ බව සඳහන් කළේ නොරොච්චෝලේ තාප බලාගාරයේ බිඳ වැටීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කැඳවූ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්.

කෙසේ වෙතත් හෙට දිනයේ  සිට සාමාන්‍ය පරිදි පැය 2 යි විනාඩි 20 ක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක.