Tuesday, May 14, 2024

General line - 0115112241

අධිආරක්ෂක කලාප ලැයිස්තුවට එරෙහිව නීතීඥවරුන් විරෝධතාවක




අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥ සංගමය මේ වන විට විරෝධතාවක නිරත වනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදීයි. එහිදී අදහස් දැක්වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ රසික සංජීව. 

එහිදී අදහස් දැක්වූ නීතීඥ රසික සංජීව වැඩිදුරටත් සඳහන් කළේ යුධ සමයේදී පවා උපරිමාධිකරණ සංකීර්ණය අධි ආරක්ෂක කලාපයක් ලෙස නම් කර නොතිබුණු බවයි.