Tuesday, May 14, 2024

General line - 0115112241

නොරොච්චෝලෙන් ජාතික පද්ධතියට එක්වන මෙගා වොට් 550ක් ගිලිහෙයි




ලබන සඳුදා වන විට නොරොච්චෝලේ තාප බලාගාරයේ විදුලි ජනන කටයුතු උපරිම මට්ටමකින් ජාතික පද්ධතියට එක් කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් මේ වන විට අක්‍රිය තත්ත්වයේ ඇති බැවින් මෙගා වොට් 550 ක පමණ  ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියෙන් ගිලිහී ඇති බවයි.

එම බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය වාෂ්ප කාන්දුවීමක් හේතුවෙන් අක්‍රියවී ඇති අතර නඩත්තු කටයුත්තක් සඳහා තවත් ජනන යන්ත්‍රයක් අක්‍රිය කර තිබෙනවා.

එම ජනන යන්ත්‍ර දෙකම ලබන සඳුදා වන විට ජාතික පද්ධතියට එක් කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම තත්ත්වය හේතුවෙන් පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බවත්, හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ නොකරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සදහන් කළා.