Tuesday, May 14, 2024

General line - 0115112241

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීම ගැන චක්‍රලේඛයක්




රජයේ නිලධාරීන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේගේ අත්සනින් යුතුවයි.

ඒ අනුව ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකරන රජයේ නිලධාරියෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව අදාළ චක්‍රලේඛයේ දැක්වෙනවා.

එබැවින් එවැනි නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගත යුතු බව ද අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්.