Monday, May 20, 2024

General line - 0115112241

ලෝක ළමා දිනයට සමගාමීව, නෙත් එෆ් එම් විශ්මලන්තය කළුතර විද්‍යාලයේදී




ලෝක ළමා දිනයට සමගාමීව ඔක්තෝබර් 01 වනදා කළුතර විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් එෆ් එම් විශ්මලන්තය සඳහා මේ වනවිට සංවිධාන කටයුතු  සිදුකරමින් පවතිනවා.

නෙත් එෆ් එම් විශ්මලන්තයේදී දරුවන් වෙනුවෙන් දැනුම, විනෝදය සහ අධ්‍යාපනික වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මකයි. කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ද සංවිධාන ශක්තිය ලබාදෙන නෙත් එෆ් එම් විශ්මලන්තය පිළිබද එම සංගමයේ ලේකම් චමිල් පෙරේරා මෙලෙස අදහස් පළ කළා.

නෙත් එෆ් එම් විශ්මලන්තයට සමගාමීව විකාශය කිරීමට නියමිත “විශ්මලන්ත රේඩියෝව” සදහා සිසුන් දැනුවත් කිරීමේ තවත් වැඩමුලුවක් කළුතර විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී ඊයේ පැවැත්වුණා.

ඔක්තෝම්බර් 01 වනදා කළුතර විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් එෆ් එම් විශ්මලන්තය සදහා මන්චි බිස්කට්, සමපෝෂ, මහජන බැංකුව සහ විෂන් කෙයාර් ප්‍රධාන අනුග්‍රහය ලබාදෙනවා.