Tuesday, May 21, 2024

General line - 0115112241

හදිසි ගල් අඟුරු ටෙන්ඩරයට ශ්‍රී ලංකාව ඩොලර් ගෙවයි




රටට අවශ්‍ය ගල් අඟුරු තොග ගෙන්වා ගැනීම සඳහා පළමු ඇණවුමට ගෙවීම සිදුකර ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් වෙත සඳහන් කළේ අද දිනයේද ගල් අඟුරු තොග සඳහා ගෙවීමට අමෙරිකානු ඩොලර් මිලියන 06 ක මුදලක් ලැබෙණු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බවයි.

 

මේ වන විට රට තුළ ඇති ගල් අඟුරු තොග සහ ඒවායේ ප්‍රමාණාත්මතාවය සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකගෙන් විමසීමක් කළා.

මෙරට විදුලි උත්පාදනයේදී ගල් අඟුරු මෙතරම් තීරණාත්මක සාධකයක් වී ඇත්තේ ඇයි ?

මේ අතර ගල්අඟුරු ලබාගැනීමට කෙටි කාලීන අවශ්‍යතා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් අනුව සිදුකරන බව ඊයේ ප්‍රකාශ කෙරුණා.

ඒ අනුව ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචි හෝ ලියාපදංචි නොමැති අවම දින 180ක ණය කාලයක් සමග සැපයුම සම්පුර්ණ කළ හැකි ඕනෑම පාර්ශවයකට මේ සඳහා සහභාගී විය හැකියි.