Thursday, April 18, 2024

General line - 0115112241

තිරිගුපිටි මිල ගැනත් කොළ එළියක්




ලබන සතිය වනවිට තිරිගු පිටි මිල අඩුකිරීමට හැකි බව වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අද පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කියා සිටියේ ඉදිරි සති දෙකක පමණ කාලය තුළ පාන්පිටි කිලෝවක මිල රුපියල් 250ක පමණ සීමාව දක්වා අඩුකළ හැකි බවයි. 

මේ අතර ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල එළඹෙන පස්වන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව එම සමාගම නිවේදනය කරනවා. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ මිල සූත්‍රයට අනුව ගෑස් මිල එලෙස අඩු කෙරෙන බවයි. ගෑස් මිල අඩු කරන්නේ කොපමණ මිලකින්දැයි හෙට දිනයේ දැනුම් දෙන බවද ලිට්රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.