Tuesday, December 6, 2022

General line - 0115112241

සනත් නිශාන්තට එරෙහිව අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

323Views



 

 

 

අරගලයට සම්බන්ධ සැකරුවන්ට ඇප ලබාදීමේ ක්‍රියාවලිය   පිළිබඳව සිදු කළ විවේචනාත්මක  ප්‍රකාශයක්  තුළින් රාජ්‍ය ඇමැති    සනත් නිශාන්ත මහතා  අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින්  ඒ පිළිබඳව විභාගයක් පවත්වා ඔහුට දඩුවම් පමුණුවන ලෙස ඉල්ලමින්  අධිකරණ සේවා  සංගමය  අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.

දිවයිනේ සියලු  මහේස්ත්‍රාත්වරු සහ  දිසා විනිසුරුවරු මෙම සංගමයේ සාමාජිකත්වය දරතවා

එම පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ ඉකුත් අගෝස්තු මස 23 වනදා මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිදුකල ප්‍රකාශයක් තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.

එම ප්‍රකාශය තුළින් රාජ්‍ය අමාත්‍යවරයා අරගල කරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත්වරු සතු  බලය අභියෝගයට ලක් කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණය සතු ගෞරවය හෑල්ලූවට ලක් කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  105(3) වගන්තිය යටතේ  වරදක් සිදුකර ඇති බවයි.

ඒ අනුව  අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති වරයාට   සිතාසි නිකුත් කර අධිකරණය හමුවට කැඳවා  දඩුවම් නොකිරීමට හේතු විමසා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.