Sunday, May 12, 2024

General line - 0115112241

යුක්රේන යුද්ධය හමුවේ රුසියාවට අත්වි ඇති ඉරණම ගැන අමෙරිකාව කියයි




යුක්රේන යුද්ධය හමුවේ රුසියාව තවදුරටත් ජාත්‍යන්තරය තුළ හුදෙකලා වෙමින් සිටින බව අමෙරිකාව පවසනවා. සිය ස්වෛරිත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සටන් කරන යුක්රේනය හමුවේ ලොව රටවල් රුසියාව ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි අමෙරිකාව පවසන්නේ.

අමෙරිකාව මෙලෙස රුසියාවට එරෙහිව සිය මතය ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි අතර පැවැති දුරකථන සංවාදයකින් අනතුරුවයි.

එම දුරකථන සංවාදයේදී යුක්රේන යුද ගැටුම් හා ඒ තුළින් හටගෙන ඇති න්‍යෂ්ටික බලාගාරවල අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය කණගාටුව පළ කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය වෙත සිදුකරන හමුදාමය බලපෑම් ඉහළ නංවමින් සිටින අවස්ථාවක ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යුක්රේන ජනාධිපතිවරයා සමග දුරකථන  සංවාදයකට එළඹීම ජාත්‍යන්තරයේ දැඩි කථාබහකට ලක්ව ඇති බවයි.

ඒ අනුව රුසියාවේ සමීපතමයෙකු ලෙස සැලකුන ඉන්දියාව ද යුක්රේන අර්බුදය හමුවේ රුසියාවට අහිමිවීයාමේ අවදානමක් මතුව ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.