Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දියාව සබ්මැරීනයක සිට මිසයිලයක් විදියි




ඉන්දියාවේ උපාය මාර්ගික ප්‍රහාරක සබ්මැරීනය වන INS Arihant බැලස්ටික් මිසයිලයක් දියත් කරමින් අත්හදාබැලීමක නිරත වූ බව  එරට  ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

බෙංගාල බොක්කෙහි පිහිටි පෙර තීරණය කළ ඉලක්කයක් වෙත එම මිසයිලය යොමු කරමින් එය අත්හදා බැලූ බවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

"INS Arihant" විසින් සබ්මැරීනය මගින් දියත් කරන ලද මෙම අන්තර්මහාද්වීපක මිසයිල යොමු කිරීම සම්පූර්ණයෙන්ම සාර්ථක වූ බව ද එහි සදහන්.

මෙය ඉන්දියාවේ න්‍යෂ්ටික ප්‍රහාරක හැකියාවේ ප්‍රධාන අංගයක් ලෙස අතිශය  වැදගත් සිදුවීමක් බවයි එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.