Tuesday, April 16, 2024

General line - 0115112241

හේරත් 05 හේ ඒවා 25 ක් ගනී




ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (15) පැවැතවෙන තෙවැනි ටෙස්ට් තරගයේදී රංගන හේරත් ඉනිමේ සිය කඩුළු 5 සම්පූර්ණ කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ජොස් හැසෙල්වුඩ්ගේ කඩුල්ල දවා ගනිමින් හේරත් විසින් මෙම දස්කම ප්‍රදර්ශණය කළ අතර මෙය ඔහු ටෙස්ට් ඉනිමක කඩුළු 5 බැගින් දවා ලූ 25 වැනි අවස්ථාව ලෙසින් සනිටුහන් වුණා. අද රතගයේදී රංගන හේරත් ලකුණු 81 කට කඩුලු 06 ක් බිඳ හෙලුවා.

මේ අතර අද ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 379 කට සීමා වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 24 ක් ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකා පිළ සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 355 ක්. කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන මෙම තරඟයේ තෙවන දිනය අදයි.

මේ වන විට සිය දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටිනවා. දෙවනි ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණියේ දිල්රුවන් පෙරේරා සහ දිමුත් කරුණාරත්නයි.

පළමු කඩුල්ල ලෙස ලකුණු 08 ක් ලබා සිටියදී දිල්රුවන් පෙරේරා දැවී ගියා.

Sri Lanka's bowler Rangana Herath, right bottom, unsuccessfully appeals for the wicket of Australia's Mitchell Marsh during the third day of their third test cricket match in Colombo, Sri Lanka, Monday, Aug. 15, 2016. (AP Photo/Eranga Jayawardena)