Tuesday, May 14, 2024

General line - 0115112241

හොංකොං සහ තායිවානයේ ඉරණම ගැන චීන ජනපතිගෙන් තීරණාත්මක ප්‍රකාශයක්




හොංකොං රාජ්‍යයේ සමස්ථ පාලනය අත්පත් කර ගෙන ඇතැයි චීන ජනාධිපති සී ජින්පින් පවසනවා. 

ඔහු මේ බව සඳහන් කළේ චීන කොමියුනිස් පක්ෂයේ 20 වන කොංග්‍රස් සමුළුව අමතමින්. 

චීනය විසින් හොංකොං රාජ්‍යය අවුල් සහගත තත්ත්වයෙන් පාලන තන්ත්‍රයකට යොමු කළ බවයි චීන ජනාධිපති සී ජින් පින් එහිදී කියා සිටියේ. 

එමෙන්ම චීනය,  තායිවානයේ බෙදුම්වාදයට එරෙහිව විශාල අරගලයක් සිදුකරන බවත් ඊට විරුද්ධවීමට හැකි බවට වන අධිෂ්ඨානයෙන් කටයුතු කරන බවත් චීන ජනාධිපතිවරයා සඳහන් කරනවා.

එහිදී තායිවානයට එරෙහි හමුදා ක්‍රියාකාරකම් සාධාරණීකරණය කළ චීන ජනාධිපතිවරයා පැවසුවේ තමන් ඒ හරහා රටේ ගෞරවය සහ මූලික අවශ්‍යතා ආරක්ෂා කළ බවයි. 

සිය රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමටත්, තායිවානයේ නිදහසට විරුද්ධවීමටත් හැකියාව පවතින බව චීනය පෙන්නුම් කර ඇති බව ද  සී ජින්පින් වැඩිදුරටත් අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

සිය ශූනය කොවිඩ් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද චීන ජනාධිපතිවරයා එහිදී අදහස් දක්වා තිබෙනවා. 

එහිදී ඔහු අවධාරණය කළේ සිය රජය ජනතාව තබා ඇත්තේ සියල්ලටම වඩා ඉහලින් බවයි.

ඒ අනුව ශූනය කොවිඩ් ප්‍රතිපත්තිය දැඩිලෙස අනුගමනය කරන බව ද චීන ජනාධිපති සී ජින්පින් අවධාරණය කර තිබෙනවා.