Tuesday, May 14, 2024

General line - 0115112241

ෆයිසර් එන්නත ගැන සමාගමෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්




ෆයිසර් කොරෝනා මර්ධන එන්නත ලොව පුරා බෙදාහරින විට එමගින් කොරෝනා වෛරසයේ සම්ප්‍රේෂණය වළක්වන්නේ ද යන්න සම්බන්ධයෙන් එම සමාගම නොදැන සිටි බව එහි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනියක් පවසා තිබෙනවා.

ෆයිසර් සමාගමේ ජාත්‍යන්තර සංවර්ධිත වෙලඳපොල සභාපති ජැනින් ස්මෝල් ඒ බව පවසා තිබුණේ යුරෝපා පාර්ලිමේන්තුවේ විශේෂ කොවිඩ් කමිටුව හමුවේ පෙනී සිටිමින්. විදෙස් මාධ්‍ය පැවසුවේ ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වෙනුවෙන් ඇය එම කමිටුව හමුවේ පෙනී සිටි බවයි. 

එහිදී යුරෝපානු පාර්ලිමේන්තුවේ සාමාජික නෙදර්ලන්තයේ රොබ් රූස් ෆයිසර් නියෝජිතවරියගෙන් විමසා සිටියේ ෆයිසර් එන්නත වෙළඳපොළට පැමිණීමට පෙර එය හරහා වෛරසය සම්ප්‍රේෂණය වීම නවතින්නේ ද යන්න පරීක්ෂාවට ලක් කළේද යන්නයි. එහිදී ඔව් ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඍජු පිළිතුරක් ලබාදෙන ලෙස ද ඔහු ෆයිසර් නියෝජිතවරියගෙන් ඉල්ලා තිබුණා. 

ඊට ප්‍රතිචාර දක්වමින් ඇය ලබාදී තිබුණේ නැත යන්නයි. පැවති තත්ත්වය අනුව විද්‍යාවේ වේගය අනුව ගමන් කිරීමට සිදුව තිබූ බව හා සියල්ල සිදුකිරීමට තිබුණේ අවධානම් සහගතව බව ද ඇය එහිදී සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.