Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දියාව මාසයක දී ඩොලර් බිලියනයක ජංගම දුරකතන විකුණයි




ඉන්දියාව මේවනවිට ජංගම දුරකතන වෙළඳපල තුළ පෙරළියක් සිදු කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊට හේතුව වන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම දුරකථන අපනයනය වාර්තා ගත ලෙස ඉහළ යාමයි.

ඒ හරහා ජාත්‍යන්තර වෙළඳපලේ පවතින Samsung සහ Apple යන තරගකාරී සන්නාමයන්ගෙන් යුත් ජංගම දුරකතනවලට සාපේක්ෂව දේශීය නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට ඉන්දියාවට අවස්ථාව හිමිව ඇති බව සදහන්.

නවතම දත්ත වාර්තාවන්ට අනුව සැප්තැම්බර් මාසයේදී පමණක් ඉන්දියාව අමෙරිකානු ඩොලර් බිලියන 1 කට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන ජාත්‍යන්තර වෙළදපල ඉලක්ක කර අපනයනය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් ඉන්දියාව මාසයක් තුළ ජාත්‍යන්තර වෙළඳපල ඉලක්ක කර වැඩිම වටිනාකමකින් යුත් ජංගම දුරකතන හා උපාංග අපනයනය කර ඇත්තේ ඉකුත් සැප්තැම්බර් මාසයේදී  බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2021 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේ ජංගම දුරකතන හා උපාංග අපනයනය ඉහළ ගොස් ඇත්තේ සියයට 200 ප්‍රතිශතයකින්.

මීට පෙර ඉන්දියාවේ විශාලතම මාසික ජංගම දුරකථන හා උපාංග අපනයනය වාර්තා වුණේ 2021 වසරේ දෙසැම්බර් මාසයේදීයි.