Tuesday, May 14, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යය ආර්ථිකය හා දේශපාලනය එකවර අර්බුදයක




බ්‍රිතාන්‍යයේ උද්ධමනය වසර 40කට පසු ඉහළම අගයට පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේවනවිට බ්‍රිතාන්‍යය උද්ධමනය සියයට 10යි දශම 1කින් ඉහළ ගොස් ඇති බවයි.

මීට පෙර මෙතරම් ඉහළ අගයකින් උද්ධමනය ඉහළ ගොස් ඇත්තේ 1982 වසරේයි. උද්ධමනය ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ මිලද ඉහළ ගොස් ඇති අතර බ්‍රිතාන්‍යය ජීවන වියදම් අර්බුදයකට මුහුණ පා ඇති බව විදෙස් වාර්තාවල සදහන්. ආහාර මිල ගණන්වලට අමතරව බලශක්ති පිරිවැයද අධික ලෙස ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන තත්ත්වයක්. 

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය මේවනවිට අර්බුදයකට පත්ව ඇත්තේ එරට දේශපාලනයද අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති පසුබිමකයි. ඒ, අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්ගේ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරියා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්. 

ඒ අනුව සතියක් තුළ බ්‍රිතාන්‍යය ආණ්ඩුවේ ධූරවලින් ඉල්ලා අස්වූ දෙවන පුද්ගලයා ඇයයි. මීට පෙර බ්‍රිතාන්‍යය මුදල් අමාත්‍යවරයාද සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.