Saturday, May 11, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය අගමැතිණිය, දින 45න් ධූරයෙන් ඉල්ලා අස්වෙයි




බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ලීසා ට්‍රස් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඇය මෙම තීරණය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය දේශපාලනයේ ඉකුත් සමයේ පැවති දැඩි අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේයි. 

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයට අනුප්‍රාප්තිකයෙකු පත්වන තුරු ඇය එම ධූරයේ කටයුතු කරනු ඇති. 

ලීසා ට්‍රස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඇයගත් බදු සංශෝධන තීන්දුව දැඩි කතාබහක් ඇති කළා. ඒ හේතුවෙන් එරට ආර්ථිකයට සිදුවන බලපෑම් සලකා එම තීරණය ආපසු හැරවීමටයි ඇය කටයුතු කළේ. ගතවූ දින පහක කාලය තුළ ඇයගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ඉල්ලා අස්වූ අතර ඊයේ දිනයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ධූරයෙන් ඉල්ලා අස්වුණා. 

බ්‍රිතාන්‍ය දේශපාලනයේ ආන්දෝලනයක් ඇති කළ බොරිස් ජොන්සන් ධූරයෙන් ඉවත් වීමෙන් පසු ලීසා ට්‍රස් එම ධූරයට පත් කළේ දෙවන එලිසබත් මහ රැජිණ විසින්. 

කෙසේවෙතත් ලීසා ට්‍රස්හට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය දැරීමට හැකි වුණේ දින 45ක් පමණයි. ඒ අනුව ඇය වාර්තා පොත් අතරට එක්වනනේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය අඩුම කාලයක් දැරූ පුද්ගලයා ලෙසයි. මීට පෙර 1827දී ජෝර්ජ් කැනින් දින 119ක් බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය හොඹවා තිබුණා.