Tuesday, May 14, 2024

General line - 0115112241

ඉන්දියාව එකවර චන්ද්‍රිකා 36 ක් කක්ෂගත කරයි




ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය  එහි රොකට්ටුවක් මගින් අන්තර්ජාල චන්ද්‍රිකා 36 ක් සාර්ථක ලෙස කක්ෂගත කර තිබෙනවා.

ඒ ඉන්දියාවේ රාජ්‍ය අනුබද්ධි New Space India Limited සහ බ්‍රිතාන්‍යයේ One Web Satellite එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙසයි.

යුක්රේනයේ යුද්ධය හේතුවෙන් මෙම මෙහෙයුම මාස ගණනක ප්‍රමාද කිරීමට සිදුව තිබුණා.

කෙසේවෙතත් ඉකුත් ඉරිදා උදෑසන ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) නිවේදනය කළේ මෙහෙයුම සාර්ථක වූ බවයි.

ආන්ද්‍රා ප්‍රදේශ්හි Sathish Dhawan මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට ඉරිදා අලුයම 12.07 රොකට්ටුව ගමන් ආරම්භ කර තිබෙනවා.

එම රොකට්ටුව නම් කර ඇත්තේ LVM3 ලෙසයි.

එහි පළමු වාණිජමය දියත් කිරීම මෙය බවයි ඉන්දියානු අභ්‍යවකාශ පර්‍යේෂණ සංවිධානයේ පනිකර් සෝමනාත් පැවසුවේ.

මොස්කව් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මාර්තු මාසයේදී රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය සමඟ පැවැති සබඳතා බිඳී යාමෙන් පසු බ්‍රිතාන්‍යයේ Oneweb සමාගම එක්ව ඉන්දියාව දියත් කළ පළමු මෙහෙයුම මෙයයි.