Tuesday, May 14, 2024

General line - 0115112241

රිෂී සුනක් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යධූරයේ වැඩ භාරගැනීමට සැරසෙයි




බ්‍රිතාන්‍යයේ පාලක කන්සර්වේටිව් පක්සයේ නායකයා ලෙස තේරී පත්වුණු රිෂී සුනක් අද එරට 57 වන අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමට නියමිතව තිබෙනවා. 

වත්මන් අග්‍රාමාත්‍ය ලීස් ට්‍රස් අද උදෑසන කැබිනට් හමුවක් කැඳවා ඇති අතර අනතුරුව ඇය ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඉන් අනතුරුව රිෂී සුනක්, බ්‍රිතාන්‍යයේ 03 වන චාල්ස් රජු හමුවීමට නියමිත අතර ඉන්පසුව ඔහු නව අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩභාර ගනු ඇති. ඒ අනුව බ්‍රිතාන්‍යය ඉතිහාසයේ අග්‍රාමාත්‍යධූරයට පත්වන සුදු ජාතිකයෙකු නොවන පළමු පුද්ගලයා මෙන්ම ක්‍රිස්තියානි භක්තිකයෙකු නොවන පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස ද රිෂී සුනක් ඉතිහාසයට එක්වනවා. 

මේ, ඒ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන ලන්ඩනයේ නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුම.