Friday, April 19, 2024

General line - 0115112241

සරත් ද ආබෘෘ ට සිදු වූයේ කුමක්දැයි සොයයි




හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාගේ මරණය සම්බන්ධයෙන් මතභේද ඇති වී තිබෙනවා.

ඒ, මෙම මරණය අනතුරකින් සිදුවූවක් ද, ඝාතනයක් ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක්දැයි යන්න තවමත් තහවුරු කර නොතිබීම හේතුවෙන්.

ගල්කිස්සේ පිහිටි සිය නිවසේ ඉහළ මහලෙන් පහළට වැටී තුවාල ලබා රෝහල කරා රැගෙන යන විටත් සරත් ද ආබෲ මහතා අද (15) දහවල් මියගොස් තිබුණා.

ඔහු රෝහල කරා රැගෙන විත් ඇත්තේ ඔහුගේ දරුවාට උපකාරක පන්ති පවත්වන ගුරුවරිය සහ ඇගේ සැමියා විසින් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී හෙට (16) සිදුකිරීමට නියමිතයි.

මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සහ රජයේ රස පරීක්ෂකවරයාගේ පරීක්ෂණ අද සිදුකෙරුණා. මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ද ආරම්භ කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.  හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතා සිය නිවසේ සේවය කළ කාන්තාවකට හිංසන සිදුකළ බවට ද චෝදනා ලැබූවෙක්.