Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාව නව මාදිලියේ බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි




ඉන්දියාව විසින් නවතම බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

ඔඩීෂා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තිරයේදී ඉන්දියාව "අග්නි ප්‍රයිම්" නම් වූ එම බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පරීක්ෂණ පියාසැරිය අතරතුර, මිසයිලය උපරිම පරාසයක ගමන් කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව සියලු පරීක්ෂණ අරමුණු සාර්ථකව ඉටුවූ බව ඉන්දීය ආරක්ෂක බලධාරීන් සඳහන් කළා.

අග්නි ප්‍රයිම් මිසයිලයේ අඛණ්ඩ තුන්වන සාර්ථක අත්හදා බැලීමත් සමඟ පද්ධතියේ නිරවද්‍යතාවය සහ විශ්වසනීයත්වය තහවුරු වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

මිසයිලයේ සම්පූර්ණ ගමන් පථය ආවරණය වන පරිදි පර්යන්ත ලක්ෂ්‍යයේ පහළ පරාසයක නැව් දෙකක් ඇතුළුව විවිධ ස්ථානවල යොදවා ඇති රේඩාර්, ටෙලිමෙට්‍රි සහ විද්‍යුත් දෘශ්‍ය ලුහුබැඳීමේ පද්ධති වැනි පරාස උපකරණ ගණනාවකින් ලබාගත් දත්ත භාවිතයෙන් පද්ධතියේ ක්‍රියාකාරිත්වය තහවුරු කර ගනු ලැබූ බවයි ආරක්ෂක බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.