Friday, March 29, 2024

General line - 0115112241

ලොව ධනවත්ම පුද්ගලයා සතුවූ සමාජ මාධ්‍ය ජාලය




ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් විසින් ට්විටර් ජාලයේ හිමිකාරීත්වය ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු මෙලෙස එහි හිමිකාරීත්වය තතවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

ඊලෝන් මස්ක් විසින් සිය ගනුදෙනුව සම්පුර්ණ කිරීමෙන් පසුව ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා, ප්‍රධාන මුල්‍ය නිලධාරිවරයා ඇතුළු තනතුරු රැසක සිටි පුද්ගලයින්ව සේවයෙන් ඉවත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.