Thursday, April 25, 2024

General line - 0115112241

ඛේදවාචකයකින් නිමවූ "හැලෝවීන් සාදය"




දකුණු කොරියාවේ, සියෝල් අගනුවර පැවති එළිමහන් "හැලෝවීන් සාදයක්" ඇතිවූ තෙරපුමකින් පුද්ගලයින් 146 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 150 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කොවිඩ් වසංගතයෙන් පසුව මුව ආවරණ නොමැතිව දකුණු කොරියාවේ පවත්වනු ලැබූ පළමු එළිමහන් සාදය මෙය වීම නිසා ඊට සහභාගිවීම සඳහා ලක්ෂයකට අධික ජනතාවක් එක්ව සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඇතිවූ තෙරපුමත් සමග පුද්ගලයින් රැසකට හෘදයාබාධ ඇතිව තිබෙන අතර ප්‍රාථමික ප්‍රථමාධාර ලබාදීමේ සේවාවන් එම ස්ථානයේදීම ඔවුන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ වුවද සිදුවීමෙන් මියගොස් ඇති පුද්ගලයින් 59 දෙනෙකුගේ සිරුරූ එම උත්සවය පැවති ප්‍රදේශයේ මාර්ග අසල තබා තිබෙන අයුරු පහත දැක්වෙන අතර තවත් මියගිය පුද්ගලයින් ඇත්දැයි සොයා අදාල ප්‍රදේශයේ සෝදිසි කිරීම් සිදුකරනු ලබන බවයි සියෝල් පොලිස් ප්‍රධානියා සඳහන් කර සිටින්නේ.