Friday, April 19, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ හැලෝවීන් සාදයක් 150 කට මරු කැඳවයි




දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති හැලෝවීන් සාදයකදී ඇතිවූ තෙරපුමකින් පුද්ගලයින් 150 දෙනෙකු මියගොස් තිබෙනවා. එහිදී තුවාල ලබා ඇති සංඛ්‍යාව 76 ක් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සෝල් අගනුවර රාත්‍රී සාද සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයක මෙම එළිමහන් සාදය පවත්වා තිබුණා. මියගිය පිරිසෙන් බහුතරයක් අවුරුදු 20 සහ ඊට අඩු වයස් සීමාවේ පසුවන්නන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කොවිඩ් වසංගතයෙන් පසුව දකුණු කොරියාව තුළ මුව ආවරණ පැළඳීමෙන් තොරව සහභාගී විය හැකි අයුරින් සංවිධාන කර තිබූ පළමු සාදය මෙය වුණා.

ඒ හමුවේ ලක්ෂයක පමණ පිරිසක් සාදයට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. තෙරපුමත් සමග පුද්ගලයින් රැසකට හෘදයාබාධ තත්ත්වයන් හට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට එම ස්ථානයේදීම මූලික ප්‍රථීකාර ලබාදී තිබෙනවා.

කෙසේවෙතත් සිද්ධියෙන් මියගොස් ඇති බොහෝ පිරිසකගේ සිරුරු ප්‍රදේශයේ මාර්ග ආසන්නයේ තබා ඇති බවයි විදෙස් මාධ්‍ය කළේ.