Friday, March 29, 2024

General line - 0115112241

බ්‍රසීලයේ පාලන බලය වාමාංශිකයෙකුට




ඊයේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට එරට වාමාංශික පක්ෂි ජනාධිපති අපේක්ෂක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සමත්ව තිබෙනවා.

ඒ, බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ අන්ත දක්ෂිණාංශික ආණ්ඩුව පරාජයට පත්කරමින්. මෙවර බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ලුයිස් ඉනාසියෝ සියයට 50යි දශම 9ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගෙන තිබෙනවා.

ප්‍රතිවාදී අපේක්ෂක බොල්සොනාරෝට හිමිව ඇත්තේ සියයට 49යි දශම 1ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.