Tuesday, May 21, 2024

General line - 0115112241

අනාගත ලෝකයේ නව රැකියා ගැන අළුත් අනාවරණයක්




අනාගතයේදී ලොව රැකියා අවස්ථා සම්පූර්ණයෙන් ම වෙනස් වන බැවින් ශ්‍රී ලාංකිකයින් ඊට දැන්ම සූදානම්වීම වැදගත් බව ටේ‍රනින්ග් හබ් ඒෂියා නිර්මාතෘ, ව්‍යවසායකත්ව පුහුණුකරු, ව්‍යාපාර උපදේශක ප්‍රසන්න ලියනගේ පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.

මෙම වැඩසටහනට එක්වූ කඩුවෙල මුණිදාස කුමාරතුංග විද්‍යාලයේ විදුහල්පති මේජර් ඉන්දික රාජපක්ෂ පැවසුවේ නව රැකියා අවස්ථා පිළිබඳව පාසැල් දරුවන් ද දැනුවත් කළ යුතු බවයි. 

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07 යි 30 ට ප්‍රචාරය වීමට නියමිතයි.