Tuesday, May 21, 2024

General line - 0115112241

සංචාරකයින් නිසා රටේ ඩොලර් ආදායම ඉහළට




පැවති තත්ත්වය පහව ගොස් මේ වන විට විදෙස් සංචාරකයින් හේතුවෙන් රටට ලැබෙන ආදායම ඉහළ යමින් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු කියා සිටියේ ගතවූ මාස 08 තුළ පමණක් සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 892 ක ආදායමක් ලැබී ඇති බවයි.

රට ක්‍රමයෙන් හිස ඔසවමින් ඇති පසුබිමක එය ආපස්සට හරවන ක්‍රියාවලින් වැලකීම සියලු පාර්ශවවල වගකීමක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එළඹෙන දෙසැම්බරයේ යුරෝපයේ ශ්‍රත සෘතුව ආරම්භවීමත් සමඟ මෙරටට වැඩි සංචාරකයින් පිරිසක් පැමිණෙනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. විදෙස් ගුවන් සේවා රැසක්ම දැනටමත් මෙරටට පැමිණෙන බවට දැනුම්දී ඇත්තේ එවන් පසුබිමකයි.

දෙසැම්බර් 31 වනදා වන විට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 02 ක් උපයා ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ වනවා. 
නිහාල් සිරිගම්ලත්