Tuesday, May 21, 2024

General line - 0115112241

කැබිතිගොල්ලෑවේදී ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරියාට උසස්වීමක්




කලහකාරී සිද්ධියක් පාලනය කිරීමට යාමේදී ඝාතනයට ලක්වූ කැබිතිගොල්ලෑව පොලීසියේ සැරයන් වන අගම්පොඩිගේ සුනිල් නැමැති නිලධාරියා උප පොලිස් පරීක්ෂක ධූරයට උසස් කර තිබෙනවා.
 
පශ්චාත් උසස්වීම් පදනම යටතේ පොලිස්පතිවරයා විසින් ඔක්තෝබර් මස 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

මිය ගිය මෙම නිලධාරියාගේ දේහය පිළිබද අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරවාචාර මැද හෙට දින වාරියපොළ, සුමංගල අතුරු මාවත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.