Friday, April 19, 2024

General line - 0115112241

ඩ්‍රෝන යොදාගෙන කරන ත්‍රස්ත ක්‍රියා ගැන ඉන්දියාවෙන් අනාවරණයක්




අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම සදහා පකිස්ථානය අනුගමනය කරන තවත් උපක්‍රමයක් කාශ්මීර බලධාරීන් විසින් අනාවරණ කර ගෙන තිබෙනවා.

ඉන්දියාවේ ජම්මු කාශ්මීර කලාපයේ පොලිස්  අධ්‍යක්ෂ ජනරාල් Dilbagh Singh පවසන්නේ පකිස්තානය එවැනි නීතිවිරෝධී කටයුතු සදහා මේවනවිට ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් සිටින බවයි.

පකිස්තානය සිදු කරන මෙවැනි  ක්‍රියා ලොවට රහසක් නොවන බව ද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා තිබෙනවා.

පකිස්ථානයේ විවිධ කණ්ඩායම් සමග එක්ව Lakshar e Taliba සන්නද්ධ කණ්ඩායම මෙම ජාවාරම ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

එබැවින් පකිස්තානය දෙසින් පැමිණෙන ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් ඉන්දීය දේශසීමා ආරක්ෂකයින් නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන බව Dilbagh  Singh පෙන්වා දී තිබෙනවා.

ඉකුත්දා පකිස්තානය දෙසින් පැමිණි එවැනි ඩ්‍රෝන යානයක් විනාශ කළ බවත්, ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ජම්මු කාශ්මීර කලාපයේ සාමය බිද දැමීම බව ද කාශ්මීර පොලිස් ප්‍රධානියා සදහන් කළා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් කාශ්මීරයේ Samba කලාපයේ ජනතාව දැනුවත් කළ බවත්, සැකකටයුතු ප්‍රදේශවක අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවත් ඔහු පවසා තිබෙනවා.

පකිස්තානය එවැනි නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ඉකුත්දා අත්අඩංගුවට ගෙන ඇති බව ද කාශ්මීර පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් සදහන් කළා.