Friday, March 29, 2024

General line - 0115112241

ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක්




බලයෙන් පහ කරන ලද හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. 
 
පන්ජාබ් ප්‍රාන්තයේ, වසිරාබාද් හි දේශපාලන රැළියකට සහභාගී වෙමින් සිටියදී හිටපු අග්‍රාමාත්‍යවරයා මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

වෙඩි ප්‍රහාරය ඔහුගේ දකුණු කකුලට එල්ලවී ඇති බවත් ඒ සමගම ඔහුගේ ආරක්ෂකයින් හිටපු අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරිමට පියවර ගනු ලැබූ බවයි සඳහන් වන්නේ.