Friday, May 17, 2024

General line - 0115112241

ජෝසප් ස්ටාර්ලින්ගේ ඉල්ලීමකට මහා සංඝරත්නයේ විරෝධය




ගුරුවරුන්ටද පහසු ඇදුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව සලසා දෙන ලෙසට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය අද ප්‍රතිචාර දැක්වූවා.

රජයේ නිලධාරීන්ගේ ඇදුම් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛය පාසල් ගුරුවරුන් සම්බන්ධයෙන් අදාළ කරගනිමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා එම ඉල්ලීම සිදු කර තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන්.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති පූජ්‍ය වතුරුවිල සිරිසුජාත හිමියන් පැවසුවේ වෙනත් ආයතන හා සසදා ගුරුවරයා දෙස නොබැලිය යුතු බවයි. 

ගුරුවරුන් පහසු ඇදුමින් සැරසී පාසල් පැමිණියොත් ළමුන්ද එය අනුගමනය කරනු ඇතැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මාහාචාර්ය පූජ්‍ය කඹුරුගමුවේ වජිර හිමියන් පැවසුවේ.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නුගේගොඩ නාලාන්දාරාම විහාරාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන්.  

විශ්වවිද්‍යාල සිසුන්ටද නිල ඇදුමක් නියම කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය දොඩම්පහළ රාහුල හිමියන් පැවසුවේ.