Friday, May 17, 2024

General line - 0115112241

නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තට උසස්වීමක්




ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ දැනුම්දීම අනුව පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව 2021 වසරේ මාර්තු මස 09 වනදා සිට මෙම උසස්වීම ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.