Friday, May 17, 2024

General line - 0115112241

ගුරුවරුන්ගේ ඇඳුම කිසි ලෙසකින් වෙනස් කරන්නේ නැහැ - අධ්‍යාපන ඇමති සැර වෙයි




පාසල් ගුරුවරුන්ගේ ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. පාසල් පද්ධතිය රඳා පවතින්නේ ලක්ෂ 42 ක් වූ දරුවන්ගේ විනය මත බවත්, පාසලේදී දරුවා අනුගමනය කරන්නේ විදුහල්පතිවරයා සහ ගුරුවරයා බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිසා වෙනත් රටවල සහ බටහිර සංකල්ප මත මෙරට සංස්කෘතිය වෙනස් නොකළ යුතු බවයි විවේකානන්ද විද්‍යාලයේ පැවති නවෝද්පාදන ප්‍රදර්ශණයේ ආරාධිතයා ලෙස එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළේ.

ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් පළවූ වාර්තා පිළිබඳ ස්වාමීන් වහන්සේලා මෙන්ම අන්‍යාගමික පූජකතුමන්ලා ද තමන්ගෙන් කරුණු විමසූ බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වැඩිදුරටත් සඳහන් කළේ.