Friday, May 17, 2024

General line - 0115112241

ගෑස් හිඟය ගැන ලිට්‍රෝ සමගමෙන් ප්‍රකාශයක්




රට තුළ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ගෑස් මිල අඩු විය හැකි බවට ඉකුත් සතියේ ප්‍රකාශවීම හේතුවෙන් ඇතැම් අලෙවි නියෝජිතයින් ගෑස් මිලදී ගැනීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි.

එබැවින් ඇතැම් ප්‍රදේශවලට ප්‍රමාණවත් ගෑස් තොග නොලැබුණු බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ.

මේ වන විටත් මෙට්්‍රක් ටොන් 2,000 කට අධික ගෑස් තොගයක් ලිට්‍රෝ සමාගම සතුව පවතින බවද එම සමාගමේ සභාපති මුදිත පීරිස් මෙහිදී පැවසුවා.

ගෑස් මිල ඉදිරියේදී තවදුරටත් අඩුවන්නේදැයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස්ගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා.