Friday, May 17, 2024

General line - 0115112241

කලුකඩ මාෆියාව හේතුවෙන් බේකරි කර්මාන්තය අර්බුදකාරී තත්ත්වයක - සමස්ථ ලංකා බේකරි හිමියන්

කමල් සුරවීර




පාන් මිල අඩු කිරීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක බේකරි හිමියන් දුෂ්කරතාවයට පත්ව ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ තවදුරටත් පවතින කලුකඩ මාෆියාව හේතුවෙන් බේකරි කර්මාන්තය අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.  

තිරිඟු පිටි සඳහා පාලන මිලක් නියම කළහොත් මෙරට තුළ පිටි හිඟයක් ඇතිවිය හැකි බවද සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.